තේමා ගීතය



සිරිලිය කාන්තා කවයෙහි එක්වෙමු
දෙවි සමිඳුන් පසසා දිරිමත් වෙමු
කැප වී සාමය යුක්තිය සුරකින
සමාජයක් සඳහා .....

සීදුව ගම් පෙදෙසෙහි නිවසක අපි ආදරයෙන් බැඳිලා
සමගිය වනසන දෑ කුල පිල් ආ බේද වලින් මිදිලා
සැමවිට දෙව් සමිඳුන් අප හට දුන් හැකියාවෙහි යෙදිලා
මුළු ගම් පෙදෙසට සේවය සලකමු එකමුතු වී රැදිලා

මවක් දියනියක් ආදර බිරිදක් විලසින් පදවියක් ලබා
අපගේ නිවහන සහ පරිසරයට සුරැකුම් සිතෙහි තබා
අයුක්තියට විරුඳුවැ අත්වැල් බැඳ අපි කිසිවකට නොබා
පහන් රැසක් මෙහි විහිදමු සැමවිවිට සමගියෙ කැළුම් පබා

සහෝදරත්වයෙ පරිත්‍යාගයෙන් නවතම දැනුම සොයා
දියුණුවෙ හරිමග ගමන් කරන්නෙමු කිසිවිට නොමඟ නොයා
සිරිලිය කවයේ ප්‍රගතිය සඳහා පෙන්නමු සුහද දයා
සමාජයෙහි හරි දැක්ම දකින්නෙමු සත්‍යයේ දෙනෙත් අයා

                      පබැඳුම
               එස්.ඩී.ජේ. අප්පුහාමි
                       තනුව
                අයිවො ජෙනිස්



එස්.ඩී.ජේ අප්පුහාමි මහතා